කර්ම පදය (direct object) දක්වන 「を」 particle එක
වචන
鱼【さかな】 – මාළු
食べる【た·べる】- කනවා
ジュース- ජූස්
飲む【の·む】-බොනවා
街【まち】 – නගරය
ぶらぶら- අරමුණක් නැතිව ඇවිදිමින් ; aimlessly
歩く【ある·く】- ඇවිදිනවා
高速【こう·そく】 – අධිවේගී
道路【どう·ろ】 – මාර්ගය
走る【はし·る】 – දුවනවා (ධාවනය වෙනවා)
毎 日【まい·にち】 – හැමදාම
日本语【に·ほん·ご】 – ජපන් ( භාෂාව )
勉强【べ ん·きょう】 – ඉගෙනීම (පාඩම් කිරීම)
する( ව්‍යතිරේකය ) – කරනවා
メール アドレス- ඊමේල් ලිපිනය
登录【とう·ろく】 – ලියාපදිංචිය
මෙය කර්ම පදය (object) දක්වන particle එක නිසා ඉතා සරල particle එකකි.
උදාහරණ
魚 を 食べる
මාළු කනවා.
ジュース を 飲ん だ
මම ජූස් බිව්වා
街 を ぶらぶら 歩く
අරමුණක් නැතිව නගරය පුරා ඇවිදිනවා.
ඔබ නාම පදයක් සමඟ 「する」 භාවිත කරන විට, 「を」 particle එක අත්‍යවශ්‍ය නොවන අතර ඔබට [ නාම පදය+する ] ක්‍රියා පදයක් ලෙස භාවිත කළ හැක.
毎 日,日本語 を 勉強 する।
හැමදාම ජපන් භාෂාව ඉගෙන ගන්නවා.
メール アドレス を 登録 し た।
ඊමේල් ලිපිනය ලියාපදිංචි කළා.
「に」 particle එක
වචන
日本【に·ほん】 – ජපානය
行く【い·く】- යනවා
家【 1 )うち; 2 )いえ】 – 1 ) තමාගේම නිවස ; 2 ) නිවස (ගෙදර)
帰る【かえ·る】- ආපසු යනවා
部屋【へ·や】 – කාමරය
来る【く·る】 ( ව්‍යතිරේකය ) – එනවා
アメリカ- ඇමරිකාව
宿 题【しゅく·だい】 – ගෙදර වැඩ
今日【きょう】 – අද
明日【あした】 – හෙට
猫【ねこ】 – පූසා
いる – පැවැත්ම ( සජීවී )
いす- පුටුව
台 所【だい·どころ】 – කුස්සිය
ある – පැවැත්ම ( අජීවී )
いい – හොඳ
友 达【とも·だち】 – මිතුරා
会う【あう】 – හමු වෙනවා
医 者【い·しゃ】 – වෛද්‍යවරයා
なる – බවට පත් වෙනවා
先 周【せん·しゅう】 – පසුගිය සතිය
図 书馆【と·しょ·かん】 – පුස්තකාලය
来年【らい·ねん】 – ලබන අවුරුද්ද
මෙම 「に」 particle එක ක්‍රියා පදයක ඉලක්කය (target) නිශ්චිතව දක්වයි |
උදාහරණ
ボブ は 日本 に 行っ た।
බොබ් ජපානයට ගියා.
家 に 帰ら ない।
ගෙදර යන්නේ නැහැ.
部屋 に くる।
කාමරයට එනවා.
猫 は 部屋 に いる।
පූසා කාමරයේ ඉන්නවා.
いす が 台所 に あっ た।
පුටුව කුස්සියේ තිබුණා.
いい 友達 に 会っ た।
මම හොඳ යාළුවෙක්ව හමු වුණා
ジム は 医者 に なる।
ජිම් වෛද්‍යවරයෙක් වෙනවා.
先週 に 図書館 に 行っ た।
පසුගිය සතියේ පුස්තකාලයට ගියා.
සටහන : අජීවී වස්තු සඳහා 「ある」 ද, සජීවී දේ සඳහා 「いる」 ද භාවිත කළ යුතුය.
දිශාව දක්වන 「へ」 particle එක
අනෙක් අතට 「へ」 particle එක, යම් ඉලක්කයක් දෙසට යන දිශාව ප්‍රකාශ කිරීමට භාවිත කරයි.
වචන
日本【に·ほん】 – ජපානය
行く【い·く】- යනවා
家【 1 )うち; 2 )いえ】 – 1 ) තමාගේම නිවස ; 2 ) නිවස (ගෙදර)
帰る【かえ·る】 – ආපසු යනවා
部屋【へ·や】 – කාමරය
来る【く·る】 ( ව්‍යතිරේකය ) – එනවා
医 者【い·しゃ】 – වෛද්‍යවරයා
なる- බවට පත් වෙනවා
勝ち【か·ち】 – ජයග්‍රහණය
向かう【むか·う】 – ගමනාන්තය දෙසට යනවා
උදාහරණ
ボブ は 日本 へ 行っ た।
බොබ් ජපානය දෙසට ගියා.
部屋 へ くる।
කාමරය දෙසට එනවා.
සන්දර්භය දක්වන 「で」 particle එක
මෙම 「で」 particle එකෙන් "…හිදී (තැනක)" හෝ " …මඟින් / …වලින්" යන අර්ථය ලැබේ |
වචන
映 画 馆【えい·が·かん】 – සිනමා ශාලාව
見る【み·る】- බලනවා
バス- බස් එක
帰る【かえ·る】 -ආපසු යනවා
レストラン- අවන්හල (රෙස්ටුරන්ට් එක)
昼 ご飯【ひる·ご·はん】 – දිවා ආහාරය
食べる【た·べる】 – කනවා
何【なに/なん】 – මොකක්ද
暇【ひま】 – නිදහස් ( කාර්යබහුල නැති )
මෙම 「で」 particle එක මඟින් ක්‍රියාව සිදු වන තැන හෝ ක්‍රමය නිශ්චිතව දැක්වීමට අපට හැකි වේ.
උදාහරණ
映画館 で 見 た।
සිනමා ශාලාවේදී බැලුවා.
バス で 帰る।
බස් එකෙන් ගෙදර යනවා.
レストラン で 昼 ご飯 を 食べ た।
මම අවන්හලක දිවා ආහාරය කෑවා.