නාම පද සහ විශේෂණ පද
මේ පාඩමේදී, අපි සරල ස්වයං-හැඳින්වීමක් සෑදීමට හිරගනා, කතකනා සහ කාන්ජි භාවිත කරමු. මෙම ක්‍රියාවලියේදී, අපි 「です」 භාවිත කරමු. මෙම පාඩමේදී, නාම පද සහ විශේෂණ පද භාවිත කරන ආකාරය අපි ඉගෙන ගනිමු.
කතා කරන ආකාරය
උදාහරණයක් ලෙස ඉංග්‍රීසියේ, යමක් පවතින බව හෝ යමක් කුමක්ද යන්න
විස්තර කිරීමට භාවිත කරන “to be ” නම් ක්‍රියා පදයක් ඇත| ජපන් භාෂාවෙන් සම්පූර්ණ වාක්‍යයක් සෑදීමට ක්‍රියා පදයක් හෝ කර්තෘ පදයක් (subject) අනිවාර්යයෙන්ම අවශ්‍ය නොවේ. උදාහරණයක් ලෙස යාළුවන් අතර සිදු වන අවිධිමත් කතාබහක් ගන්න
A: 元 気?
A: හොඳින්ද?
B: 元 気।
B: (මම) හොඳින්
කතා කරන ආචාරශීලී ආකාරය
ඉහත වාක්‍යයට වඩා වෙනස මොකක්ද |
නාම පද සහ විශේෂණ පද සඳහා, ආචාරශීලී ආකාරය අවශ්‍ය විට, වාක්‍යය අවසානයේ 「です」 එකතු කළ යුතුය. තවද 「です」 ට පසුව 「か」 එකතු කිරීමෙන් ආචාරශීලී ආකාරයෙන් ප්‍රශ්න ඇසිය හැක. 「か」 යනු ප්‍රශ්නාර්ථ ලකුණක් වැනි දෙයකි. පහත දැක්වෙන්නේ ආචාරශීලී ආකාරයේ සරල සුබපැතුමක උදාහරණයකි.
A: 元 気 ですか?
A: ඔබට කොහොමද? (සනීපෙන්ද?)
B: 元 気です।
B: මම හොඳින්
おはよう – සුබ උදෑසනක් (අවිධිමත්)
おはようございます – සුබ උදෑසනක් (ආචාරශීලී)
Particles
Particle යනු ජපන් වචන සමඟ එකතු වී ඒවායේ ව්‍යාකරණමය අර්ථය දක්වන හිරගනා අකුරු එකක් හෝ කිහිපයකින් යුත් වචනයකි| Particles නිවැරදිව භාවිත කිරීමට ඉගෙන ගැනීම ඉතා වැදගත් වන්නේ, ඒවා නිවැරදිව භාවිත නොකළහොත් වාක්‍යයේ අර්ථය සම්පූර්ණයෙන්ම වෙනස් විය හැකි බැවිනි| උදාහරණයක් ලෙස ඉංග්‍රීසි වාක්‍ය දෙකක් ගන්න: “Eat fish.” (මාළු කන්න) සහ “The fish eats.” (මාළුවා කනවා) යන්නේ අර්ථය ඉතා වෙනස්ය|
「は」particle එක
හිරගනා 「は」 වාක්‍යයේ මාතෘකාව (topic) දැක්වීමට භාවිත කරයි |
එයින් වාක්‍යයට : "…නම්", "…ගැන කියනවා නම්"….. වැනි අර්ථයක් ලැබේ |
note
මාතෘකා particle එක 「は」 ලෙස ලියනු ලැබුවද, එය 「わ」 ලෙස උච්චාරණය කරයි
උදාහරණ
これ – මේක
何 【なに / なん】 – මොකක්ද
それ – ඒක
ペン – පෑන
今 【いま】 – දැන්
ちょっと – ටිකක් (අවිධිමත්)
忙しい 【いそ が · しい】 – කාර්යබහුල
映 画 【えい · が】 – චිත්‍රපටය
好き 【す · き】 – කැමති
これ は, 何 (なん) ですか?
(මේක) මොකක්ද ?
それ は, ペン です।
ඒක පෑනක්.
今 は, 忙しい?
දැන් කාර්යබහුලද ?
今 は, ちょっと 忙しい।
දැන් ටිකක් කාර්යබහුලයි.
映画 は, 好き です か?
චිත්‍රපට , කැමතිද ?
මෙම particle එක දහවල් සහ සවස සුබපැතුම්වලද භාවිත වේ.
こんにちは – ආයුබෝවන් / සුබ දහවලක් (උච්චාරණය 「කොන්නිචිවා 」)
こんばんは – සුබ සන්ධ්‍යාවක් (උච්චාරණය 「කොම්බන්වා 」)
「も」particle එක
මෙම 「も」 particle එක 「は」 මාතෘකා particle එක මෙන්ම භාවිත කරන නමුත් "…ද" හෝ "…පවා" (also) යන අර්ථය දෙයි.
今日 【きょう】 – අද
明日 【あした】 – හෙට
あさって -අනිද්දා
うん – ඔව් (අවිධිමත්)
本 当 【ほんとう】 – ඇත්ත; සැබෑව
リー: 今日 は 忙しい?
スミス: うん, 忙しい।
リー: 明日 は?
スミス: 明日 も 忙しい।
リー: あさって は?
スミス: あさって も।
リー: 本 当?
ලී: අද කාර්යබහුලද ?
ස්මිත්: ඔව්, කාර්යබහුලයි.
ලී: හෙට නම් ?
ස්මිත්: හෙටත් කාර්යබහුලයි.
ලී: අනිද්දා නම්?
ස්මිත්: අනිද්දත් (කාර්යබහුලයි).
ලී: ඇත්තද?
「の」particle එක
හිරගනා 「の」 යන්නෙන් "…ගේ / …හි" (අයිතිය) යන අර්ථය ලැබේ |
せんせいの:ගුරුතුමාගේ
あなたの:ඔබගේ
わたしの:මගේ
වාක්‍යය අවසන් කරන particles
「よ」 සහ 「ね」
「よ」 සහ 「ね」 යනු බොහෝ විට භාවිත වන particles දෙකයි |
「ね」 භාවිත කරන්නේ කථිකයා එකඟතාවය හෝ තහවුරු කිරීමක් බලාපොරොත්තු වන විටයි.
කථිකයා යම් කරුණක් අවධාරණය කිරීමට හෝ ශ්රාවකයාට අලුත් තොරතුරක් දැනුම් දීමට අවශ්‍ය විට 「よ」 භාවිත කරයි.
මේ දෙක 「よ ね」 ලෙස එකට භාවිත කළ හැක.
今日 は, 暑い です ね।
අද රස්නෙයි නේද ?
明日 は, 忙しい です よ।
හෙට මම කාර්යබහුලයි හොඳේ.
ラーメン は, おいしい です よ ね!
රාමෙන් රසයි නේද, (එහෙම නේද?)