Number
පළමු සංඛ්‍යා දහය ඉගෙන ගැනීම ඕනෑම භාෂාවක් ආරම්භ කිරීමට හොඳ ක්‍රමයකි. ජපන් භාෂාව සම්බන්ධයෙන් ගත් කල, මෙය අපට මූලික හා වැදගත් කාන්ජි කිහිපයක් හඳුනා ගැනීමට ඉඩ සලසයි. අවධානය යොමු කළ යුතු කරුණ නම් 4 සහ 7 යන සංඛ්‍යාවලට උච්චාරණ දෙකක් තිබීමයි.
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 一 | 二 | 三 | 四 | 五 | 六 | 七 | 八 | 九 | 十 |
| いち | に | さん | し/よん | ご | ろく | しち/なな | はち | きゅう | じゅう |
99 දක්වා ගණන් කිරීමට අපට තවත් අලුත් සංඛ්‍යා ඉගෙන ගැනීමට අවශ්‍ය නැත.
උදාහරණ
十一 :【じゅう · いち】 – 11
二十 :【に · じゅう】 – 20
二十 一 : 【に · じゅう · いち】 – 21
三 十九 :【さん · じゅう · きゅう】 – 39
四十 :【よん · じゅう】 – 40
七十 四 :【なな · じゅう · よ ん】 – 74
九 十九 :【きゅう · じゅう · きゅう】 – 99
‘අප ඉගෙන ගත් සංඛ්‍යා භාවිත කර අපගේ වයස ගැන කතා කළ හැක. ජපන් භාෂාවේදී, විවිධ වර්ගයේ දේවල් ගණන් කිරීමට අපට විවිධ ගණන් කිරීමේ ප්‍රත්‍යය (counters) භාවිත කිරීමට සිදු වේ. වයස ගණන් කිරීමේ counter එක 「~ 歳」 (さい) වේ. එහි කාන්ජි තරමක් අපහසු නිසා (ඇත්ත වශයෙන්ම සම්පූර්ණයෙන්ම වෙනස් අකුරක් වුවද), එය 「才」 ලෙසද ලියනු ලැබේ
උදාහරණ
一 歳 :【いっ · さい】 – අවුරුදු 1
八 歳 :【はっ · さい】 – අවුරුදු 8
十 歳 :【じゅっ · さい】 – අවුරුදු 10
二十 歳 :【はたち】 – අවුරුදු 20
二十 歳 :【はたち】 – අවුරුදු 20
二十 一 歳 :【に · じゅう · いっ · さい】 – අවුරුදු 21
四 十八 歳 :【よん · じゅう · はっ · さい】 – අවුරුදු 48
七十 歳 :【なな · じゅっ · さい】 – අවුරුදු 70