විශේෂණ පද
ජපන් භාෂාවේ විශේෂණ පද වර්ග දෙකක් ඇත.
(な)විශේෂණ සහ (い)විශේෂණ
(na)විශේෂණ
උදාහරණ
වචන
静か 【しず · か】 (na-විශේෂණ) – නිහඬ; සන්සුන්
人 【ひと】 – පුද්ගලයා
きれい (na-විශේෂණ) – ලස්සන; පිරිසිදු
友 达 【とも · だち】 – මිතුරා
亲切 【しん · せつ】 (na-විශේෂණ) – කාරුණික
鱼 【さかな】 – මාළු
好き 【す · き】 (na-විශේෂණ) – කැමති; ප්‍රිය
肉 【にく】 – මස්
野菜 【や · さい】 – එළවළු
උදාහරණ
静か な 人।
නිහඬ පුද්ගලයා.
きれい な 人।
ලස්සන පුද්ගලයා
「い」යන්නෙන් අවසන් නොවන ජපන් විශේෂණ වචන 「(な)විශේෂණ ලෙස සැලකේ.
NOTE: 「な」විශේෂණයක් NEGATIVE (නිෂේධ) වාක්‍යයක් බවට පත් කිරීමට වචනයට පසුව (ではありません) එකතු කළ හැක |
උදාහරණ
元 気 + じゃ ない = 元気 じゃ ない හොඳින් නැහැ (සනීප නැහැ)
きれい + じゃ ない = きれい じゃ ない ලස්සන නැහැ
「い」 විශේෂණ
විශේෂණයේ අගට 「い」 අකුර පැමිණේ නම් එය 「い」 විශේෂණයක්
ලෙස හැඳින්වේ |
いい- හොඳ (ව්‍යතිරේකය )
かっこいい- කඩවසම්; ලස්සන
忙しい【いそ が·しい】 – කාර්යබහුල
楽しい【た の·しい】 – විනෝදජනක
暑い【あつ·い】 – උණුසුම් (රස්නෙයි)
寒い【さむ·い】 – සීතල
NOTE: 「い」විශේෂණයක් NEGATIVE (නිෂේධ) වාක්‍යයක් බවට පත් කිරීමට අග 「い」 වෙනුවට (くない) එකතු කළ හැක|
උදාහරණ
忙しい + くない = 忙しく ない කාර්යබහුල නැහැ
かわいい + くない = かわいく ない හුරතල් නැහැ
ව්‍යතිරේකය: 「よい」 සිට 「いい」
いい → よい + くない = よく ない හොඳ නැහැ
かっこいい → かっこよい + くない = かっこよく ない කඩවසම් නැහැ